දිගු කලක් තිස්සේ රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා බලාපොරොත්තුවෙන් සිටි ඉතා අත්‍යවශ්‍ය අංගයක් වන විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනසක් සිදුකරමින් විද්‍යුත් ප්‍රසම්පාදන සේවාවක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
මෙමගින් සියලු රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන කටයුතු ඉතා කාර්යක්ෂමව සහ විනිවිද භාවයෙන් සිදුකර ගැනීමට පහසුකම් සැපයෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
රාජ්‍ය අංශයේ සියලු භාණ්ඩ, සේවා හා වැඩ විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය යටතේ සපයා ගැනීමට ඉවහල් වන මෙම විද්‍යුත් ප්‍රසම්පාදන සේවා වෙබ් අඩවිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 29දා මුදල් අමාත්‍යාංශයේදී විවෘත කර තිබේ.