විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඇඳුම් සඳහා වෙන්කරන මුදල් Gflock ආයතනයෙන් අන්තර්ජාලය හරහා ඇඳුම් ඇණවුම් කිරීමට යොදාගන්නා ලෙසත්, ඒ වෙනුවෙන් මෙම ව්‍යාපාරයේ කොටස් සියයට 51ක් 2025 වසරේදී සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට පරිත්‍යාග කිරීමට සූදානම් බව Gflock ප්‍රධාන විධායක නිලධාරී රනිල් විල්ලද්දරගේ පවසයි.
සියයට සීයක් ශ්‍රී ලාංකේය සමාගමක් වන Gflock ආයතනයේ ජාත්‍යන්තර විකුණුම් පරිමාව ඉහළ දැමීමේ අරමුණ ඇතිව e-commerce වෙබ් අඩවි මගින් ඔවුන් සිය ඇඟලුම් අලෙවි කිරීම සිදුකරන අතර, අප රට වැටී තිබෙන අර්බුදකාරී වාතාවරණයෙන් රට ගොඩගැනීමට දායක වන ලෙස එම ආයතනය ලොව පුරා විහිදී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙසේ ඉල්ලීමක් කරන්නේ, ගෝලීය වශයෙන් මහා පරිමාණ ව්‍යාපාරික සමාගම් සමග තරග වදිමිනි. මේ පිළිබඳ දැනුවත් කරමින් රනිල් විල්ලද්දරගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
"අප ආයතනය පුණ්‍ය ආයතනයක් නොවෙයි. එහෙත් මෙම ගනුදෙනුව මගින් පාරිභෝගිකයාට මෙන්ම රට තුළ ජීවත්වන අනෙකුත් ජනතාවටද සහනයක් ලැබෙනවා. ඔවුන්ට අනෙකුත් සන්නාම සමග සංසන්දනය කිරීමේදී ඔවුන් වෙහෙස මහන්සි වී හම්බ කරන මුදලට වටිනාකමක් සහිත ඇඳුම් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. සාමාන්‍යයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වසරකට ඩොලර් 300ත් 500ත් අතර මුදලක් ඇඳුම් මිලදී ගැනීම සඳහා වියදම් කරනවා. අප ආරම්භ කළ මේ වැඩපිළිවෙළ මගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අපගේ ඇඳුම් මිලදී ගැනීම හරහා රට තුළට ඩොලර් ලැබෙන අතර, ඒ හරහා රටේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේ හැකියාව උදාවෙනවා. මේ මොහොත අප එකිනෙකාට උපකාර කරගත යුතු මොහොතක් ලෙසයි මා දකින්නේ.
මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණදී ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ රටතුළ අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් නොමැතිවීමයි. මේ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාණ ව්‍යපාරිකයා දක්වා විවිධ අංශ ඔස්සේ ඩොලර් සොයා ගැනීමට උත්සාහ ගනිමින් සිටිනවා. දේශීය ව්‍යාපාරික ආයතනයක් හැටියට ඒ සඳහා උපරිමයෙන් දායක වෙන්න අපට පුළුවන්. ඒ වගේම මේ හරහා ඉතා කඩිනමින් රටට ඩොලර් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
මගේ කාරුණික ඉල්ලීම වන්නේ විදේශයන්හි සිටින ඔබ, ඔබගේ ඇඳුම් සඳහා වෙන්කරන මුදලින් අපේ ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවේ නිර්මාණශීලීත්වයෙන් ආරම්භ වූ Gflock ආයතනයෙන් අන්තර්ජාලය හරහා ඇඳුම් ඇණවුම් කරන ලෙසයි.
ඒ වෙනුවෙන් මම මෙම ව්‍යාපාරයේ හිමිකරුවා සහ ව්‍යවසාකයෙක් විදියට ව්‍යාපාරයේ කොටස් සියයට 51ක් 2025 වසරේදී සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට පරිත්‍යාග කිරීමට සූදානම්. ඊට අමතරව මෙම අපේක්ෂිත ආදායමත් සමග මෙම ව්‍යාපාරික නාමය තවදුරටත් ව්‍යාප්ත කරමින් රට පුරා තරුණ පිරිස් රැකියා නියුක්ත කරමින් ඔවුන්ට සරිලන වැටුපක් හා එම නියුක්තිකයන්ගේ පවුල්වලට මාසිකව සහල් සහ වියළි ආහාර ලබාදෙමින් කටයුතු කරන්නට අපට හැකිවෙනවා. ඒ වගේම දුකට පත්වූ ඔවුන්ව ශක්තිමත් කිරීමට හැකි වෙනවා. එමගින් ඔබ නිර්මාණය කරන්නේ රටම බේරාගත හැකි ශක්තිමත් මහජන ව්‍යාපාරයක්." යනුවෙනි.