ඩිජිටල් බැංකු කරණ ක්ෂේත්රයේ ඉදිරියෙන්ම සිටින NDB බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලද LANKAQR රට පුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට සහය දැක්වීමට ඉදිරිපත්වී ඇත. ඒ අනුව, NDB බැංකුව LANKA QR රට පුරාව්‍යාප්ත කිරීම සඳහාද හවුල්වී ඇත. මෙය මුදල් භාවිතය වෙනුවට ඩිජිටල් ගෙවීම් පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කරන සහ භාවිතය දිරිමත් කරන වැඩසටහනකි.
ප්‍රධාන ආරාධිත අමුත්තා වන ක්‍රීඩා අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍ය ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන ගරු නාමල්රා ජපක්ෂ මැතිතුමාගේත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්බ්රාල්, නියෝජ්‍ය අධිපති වයි.පී. ප්‍රනාන්දු මහත්මිය, ගෙවීම්ස හ පියවීම් අධ්යක්ෂ ඩී. කුමාරතුංග, සහ NDB බැංකුවේ අධ්යක්ෂ සමූහ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න යනාදීන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙම වැඩසටහනේ කොටසක් ලෙස QR පදනම් කර ගත් ගනු දෙනු භාවිතා කරමින් මුදල් රහිත සහ ඩිජිටල් ලෙස සවි බලගැන්වූ සමාජයක් කරා ගමන් කිරිමට සියලුම ශ්‍රී ලාංකිකයන් දිරිමත් කරනු ලබන අතර ශ්‍රී ලංකකාව තුළ මූල්‍ය ඇතුළත්කරණයද වැඩි කරනු ඇත.
පසුගියදා මාතලේදී උත්කර්ෂවත් අවස්ථාවකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවර්ධනය කරන ලද Lanka QR ඒකාබද්ධ ගෙවීම් පද්ධතිය ශ්‍රී ලංකාවේ සෑම නගරයකටම මෙය රැගෙන යාමේ ප්රයත්නය ආරම්භ කෙරිණි.
බැංකුවේ QR ගෙවීම් ක්‍රමය වන NEOS Pay හරහා මහ බැංකුවේ Lanka QR ගෙවීම් ක්‍රමය ප්‍රවර්ධනය කිරීමට බැංකුව ප්‍රධානත්වය ගෙන තිබේ. පාරිභෝගිකයින්ට NEOS වේදිකාව හරහා වෙළෙන්දන්ට ගෙවීම් කිරීමට, බිල්පත් ගෙවීමට සහ වෙනත් ගනුදෙනු රාශියක් සිදුකිරීමට හැකිය.
NEOS Pay Lanka ClearJust Pay සේවාවට සම්බන්ධ කර ඇති බැවින්, පාරිභෝගිකයින්ට NEOS Pay සඳහා ලියාපදිංචිවීමට ඔවුන්ගේ NDB ගිණුම හෝ වෙනත් බැංකු ගිණුම් විස්තර භාවිතා කළ හැක. ලියාපදිංචි වීමෙන් පසු පාරිභෝගිකයින්ට පහසුවෙන් සිල්ලර ගෙවීම් මෙන්ම බිල්පත් පියවීමට QR ගෙවීමේ පහසුකම ලබාගත හැක. ගනුදෙනුකරුවන්ට Just Pay පද්ධතියට සම්බන්ධ වෙනත් ඔෑනෑම බැංකුවක ගිණුම් NEOS Pay වෙත එක්කළ හැක.
NDB බැංකුව පසුගිය කාලය තුළ බැංකුකරණයේම සමස්ත ඩිජිටල්කරණ වැඩසටහන් සමඟ ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවයේ පුරෝගාමියකු බවට පත්ව සිටියි. NDB බැංකුව මෙරටට ප්‍රථම වරට හඳුන්වාදුන් සේවා රැසක් අතර එක්වන NEOS BIZ ඇප් එක කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා ඔවුන්ගේ ව්‍යාපාර ගනුදෙනු කළමනාකරණය කිරීම සඳහා විශේෂිත වූ සුවිශේෂී ව්‍යාපාරික බැංකු සේවාවකි.
බැංකුව සිය ඩිජිටල් පරිණාමයේ දී මෙරට ප්‍රථම වරට එක් කරන ලද විශේෂාංග අතරට එක්වූ තවත් අංගයක් වූයේ නවතම වීඩියෝ KYC (vKYC) පදනම් කරගත් ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලියයි. මෙමඟින් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් (AI) තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරිභෝගිකයින්ට ශාඛාවකට නොගොස් නිවසේ සිටම තම ආරක්ෂාව හා පහසුව සලසා ගනිමින් NDB ගිණුම් විවෘත කිරීමට ඉඩ සලසයි. ඊට අමතරව, ණය තොරතුරු කාර්යාංශය (CRIB) සමඟ සම්බන්ධවී ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට පත්වෙමින් NDB Neos App එක හරහා තම CRIB වාර්ථා 'iReport' එසැනින් කොතැන සිටියත් ලබාගැනීමේ පහසුවද සලසා ඇත.
බැංකුවේ සේවාදායකයින්ට මෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයින්ට නව ක්‍රමවේද නිරන්තරයෙන් හඳුන්වා දෙමින් තරගකාරීත්වයන් මධ්‍යයේ වුවද NDB බැංකුව අඛණ්ඩව ඩිජිටල් බැංකුකරණයේ ඉදිරියෙන්ම රැඳී සිටියේය. ඒ අනුව, NDB බැංකුව ඒෂියාමනි සඟරාව විසින් 2021 වසරේ සම්මාන උළෙලේදී “හොඳම ඩිජිටල් බැංකුව” ලෙස ද සම්මානයට පාත්‍ර වූයේය. තවද එක්සත් ජනපදයේ Global Finance සඟරාව විසින් 2021 හොඳම බැංකුව ලෙසත්, එක්සත් රාජධානියේ බෑංකර් සඟරාව විසින් “ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව - 2020” ලෙසත් NDB බැංකුව නම් කරන ලද NDB යනු ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත කර ඇති 4 වන විශාලතම බැංකුව වන අතර NDB සමූහයේ මව් සමාගම ද වේ. ශ්‍රී ලංකාවේ ඇති එකම මූල්‍ය සේවා සමූහය වන භෘඊ සමූහය සිය සියලුම සමාගම් නිෂ්පාදන හා සේවා පිරිනැමීම් වෙත සිය ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීම තුළින් ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළේ වර්ධනයට හා සංවර්ධනයට සහාය වන්නකු ලෙස සුවිශේෂී ස්ථානයකට එළැඹ සිටියි.
CAPTION: ප්‍රධාන ආරාධිත අමුත්තා - ක්‍රීඩා අමාත්‍ය සහ රාජ්‍ය අමාත් ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන ගරු නාමල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, NDB බැංකුවේ අධ්යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරි දිමන්ත සෙනෙවිරත්න මහතා, සහ Glomark ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩෲ ඩල්බි මහතා සමාරම්භක උත්සවයේදී.