රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වනවිට රු.මිලියන 80,000කට අධික වටිනාකමකින් යුතු ණය ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම ණය මුදල්වලින් 60%කට අධික ප්‍රමාණයක් ලබාදී ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් බවද සඳහන් වේ.
මේ දිනවල අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේදී රජයේ පොලී සහන ණය ලබාගැනීම සඳහා වෙන් වූ කවුළුවල දිගු පෝලිම් දක්නට ලැබෙන බවත්, මුදල් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන ණය උපදේශන සේවා වෙතද විශාල පිරිස් පැමිණෙමින් තිබිණු බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.