වත්මන් රජය බලයට පත්වන විට ගෙවීමට තිබූ බිලපත්වලින් 65%ක් ගෙවා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
2022 වසරේ අගෝස්තු මස 31දා වනවිට රු.බිලියන 360ක බිල්පත් ගෙවීමට ඉතිරිව තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, 2023 මාර්තු 20දා වනවිට එම බිල්පත්වල වටිනාකමෙන් ගෙවීමට ඇත්තේ තවත් රු.බිලියන 126.6ක මුදලක් පමණක් බව සඳහන් කළේය.
එසේම, ඉදිකිරීමේ ක්ෂේත්රයට අදාළ රු.බිලියන 41.8ක බිල්පත් පමණක් ගෙවීමට ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා, වැඩිදුරටත් කියා සිටියේ අභියෝග රැසක් මත රජය මෙම පියවර ගත් බවයි.
බිල්පත් ගෙවා දැමීමේදී කිසිදු ප්‍රමුඛතාවක් කිසිවකුටත් ලබා නොදෙන අතර, කල් ගතවූ බිල්පත් පළමුව පියවීමේ ප්‍රතිපත්තිය මත පමණක් රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.