2020 යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක්, රු.50ක සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර තිබේ.
පසුගිය වසරවල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රු.38 හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රු.41ක මිල ගණන් යටතේ මිලදී ගනු ලැබූ අතර, ජනාධිපතිවරයාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, නව රජය විසින් 2019/2020 යල කන්නයේදී සියලුම වී වර්ග සඳහා ඉහළ මිලක් ලබාදෙමින් වී කිලෝ ග්‍රෑම් එකක් රු.50 බැගින් මිලදී ගනු ලැබීය.
ඒ අනුව, මෙවර යල කන්නයේදීද වී ගොවීන්ගේ අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදීම සහතික කරමින් වී කිලෝ ග්‍රෑම් එකක් රු.50ක සහතික මිලක් යටතේ මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩල සතු දිවයින පුරා පිහිටි වී ගබඩා මේ වනවිටද විවෘත කර ඇත.
ප්‍රමාදයකින් තොරව වී ගොවීන්ගේ මුළු අස්වනු ප්‍රමාණයම රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්රතිපාදනද මේ වනවිට මහා භාණ්ඩාගාරය විසින් වී අලෙවි මණ්ඩලය වෙත නිකුත් කර තිබේ.