2019 දෙසැම්බර් මාසයේදී මෙරට මෝටර් රථ ලියාපදිංචිය සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව නොවැම්බරයේ වාහන ඒකක 2,030ක් ලියාපදිංචි කර තිබූ අතර, දෙසැම්බරයේ ලියාපදිංචි වාහන ප්‍රමාණය 2,057කි.
කෙසේ වෙතත් මීට වසරකට පෙර දෙසැම්බරයේදී වාහන 2,669ක් ලියාපදිංචි කර තිබූ බවද සඳහන් කළ යුතුය.
මේ අතර, ත්‍රිරෝද රථ ලියාපදිංචියද නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී සැලකිය යුතු වර්ධනයක් ලබා තිබුණි.