මොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ඉදිකිරීම සහ උපකරණ සැපයීමේ ව්‍යාපෘතිය සඳහා කුවේට් ඩිනාර් මිලියන 10ක (රු.මිලියන 6,600ක) කුවේට් ණය මුදලක් ලබාගැනීමේ ගිවිසුමකට ශ්‍රී ලංකා රජය අත්සන් කර තිබේ.
මෙම ණය ගිවිසුමට අත්සන් කිරීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කුවේට් තානාපති කලාෆ් ඇම්.එම්.බූ.ඩේර් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (03දා) සිදුවිය. ඒ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සහ කුවේට් අරමුදල වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් නෙඩාල් ඒ.අල්. ඔලායාන් යන මහත්වරුන් විසින් අත්සන් තබන ලදී.
වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ප්‍රවේශය ඉහළ නැංවීම සහ රට තුළ වෛද්‍ය සේවා වෘත්තිකයන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා මෙසේ වෛද්‍ය පීඨයක් මොරටුව විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ව්‍යාපෘතියට මුදල් යෙදවීම වෙනුවෙන් කුවේට් ඩිනාර් මිලියන 10ක (ආසන්න වශයෙන් රු.මිලියන 6,600ක) ණය මුදලක් ලබාදීමට අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල එකඟ වී ඇති බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම පීඨය කළුතර ශික්ෂණ රෝහල අසල ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. ව්‍යාපෘතිය යටතේ වෛද්‍ය පීඨය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණය සහ අනෙකුත් යටිතල පහසුකම් ඉදිකිරීම, අධ්‍යාපනික ගෘහ භාණ්ඩ හා මෙවලම් සැපයීම, විද්‍යාගාර උපකරණ සහ වෙනත් භාණ්ඩ සැපයීම ඇතුළත් වන අතර, මෙම ව්‍යාපෘතිය 2022-2026 කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.