තැන්පතු සහතිකවලින් තොර සංවර්ධන ණයකර හා තීරු බදු සහිත කූපන් භාණ්ඩාගාර බිල්පත් ලෙස හඳුන්වා දෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පැවසීය.
2019 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙම කරුණ ඉස්මතු කරනු ලැබුවේ බැංකු මගින් කරනු ලබන මූල්‍ය සම්පාදනයෙන් ඔබ්බට ගිය ප්‍රාග්ධන වෙළෙඳ පොළක් සංවර්ධනය කිරීමේ දේශීය අවශ්‍යතාවක් මතුව ඇති බව පවසමිනි.
ප්‍රබල ද්‍රවශීල ණය ප්‍රාග්ධන වෙළෙඳ පොළක ප්‍රධාන මූලිකාංගය වන්නේ රජයේ සුරැකුම්පත් වෙළෙඳ පොළ බැවින්, ඒ සඳහා තැන්පතු සහතිකවලින් තොර සංවර්ධන ණයකර හා තීරු බදු සහිත කූපන් භාණ්ඩාගාර බිල්පත් ලෙස හඳුන්වා දෙන බවත්, එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක්ව ඉදිරියේදී යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම බවත් මුදල් අමාත්‍යවරයා පවසා සිටියේය.