අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ කාර්ය භාරය සහ මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී එම කාර්යාංශ වාර්තාවේ දත්තවල ඇති වැදගත්කම පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුම්වත් කෙරෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ පළමු වැන්න ලෙස උතුරුමැද පළාත් වැඩසටහන අද (31දා) පෙ.ව.9.30ට අනුරාධපුරය මහ බැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
'ණය තොරතුරු කාර්යාංශය, මූල්‍ය පහසුකම් ලබාගැනීමට බාධකයක්ද?' යන මැයෙන් සංවිධානය කෙරෙන මෙම වැඩමුළුව පැවැත්වෙන්නේ සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. උතුරු මැද පළාතේ ව්‍යාපාරික සංගම්, රාජ්‍ය සහ බැංකු නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වෙති. මෙම වැඩමුළු මාලාවේ දෙවැන්න දකුණු පළාතේ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් මාතරදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.