ශ්‍රී ලංකා මහ බැංකුවේ, මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2022 නොවැම්බර් 17දා සිට 2023 මාර්තු 31දා දක්වා කාලය තුළ මූල්‍ය ආයතන 6ක් වෙත රු.මිලියන 5.5ක සමස්ත දඩ මුදලක් පනවා තිබේ.
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් එකතු කර ගන්නා ලද එම දඩ මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත.
ඒ අනුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වෙත රු.ලක්ෂ 5ක්, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව වෙත රු.මිලියනයක්, සෙලාන් බැංකුව වෙත රු.මිලියනයක්, සම්පත් බැංකුව වෙත රු.මිලියනයක්, හැටන් නැෂනල් බැංකුව වෙත රු.මිලියනයක් සහ මහජන බැංකුව වෙත රු.මිලියනයක් වශයෙන් එම දණ්ඩනයන් පැනවීම සිදුව තිබේ.