මුදල් හුවමාරු කරන්නන් විසින් සිය ගනුදෙනුකරුවන් වෙත බලපත්රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම 2017 අංක 12 දරන විශේෂ විනිමය පනතෙහි ප්රතිපාදන ප්රකාරව තහනම් කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දෙයි.
මුදල් හුවමාරු කරන්නන්, බලපත්රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ අනුපාතයන්ට විදේශ මුදල් ගනුදෙනු සිදුකරන්නේ නම්, ඔවුන්ගේ බලපත්ර අත්හිටුවීමට / අවලංගු කිරීමට සිදුවන බවද මහ බැංකුව ඔවුන් වෙත දන්වා තිබේ.
එලෙස යම් මුදල් හුවමාරු කරන්නෙකු ගනුදෙනුවකදී ඉහළ විනිමය අනුපාත ලබාදෙන ඕනෑම අවස්ථාවක විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ 011-2398523, 011-2398827, 011-2477375 සහ 011-2398568 යන දුරකථන අංකවලට හෝ [email protected] යන විද්යුත් තැපැල් ලිපිනයට දන්වන මෙන් ශ්රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.