රේගු තාවකාලික සංඛ්‍යාලේඛනවලට අනුව 2020 මැයි මාසය සඳහා වෙළෙඳ අපනයන ඇ.ඩො.මිලියන 602ක් දක්වා මෙම වසරේ අප්‍රේල් මාසයේ වාර්තා කළ ඇ.ඩො.මිලියන 277ට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමක් පෙන්වා තිබේ.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ, අප්‍රේල් සිට මැයි දක්වා මෙතරම් ශක්තිමත් ප්‍රකෘතියක් දැකීම සතුටට කරුණක් බවයි. එහිදී මැයි අපනයනවල විශිෂ්ට සාර්ථකත්වයක් ලබාගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සමග සම්බන්ධ වීම පිළිබඳව අපනයන ව්‍යාපාරවලට ස්තූතිවන්ත වූ සභාපතිවරයා, ඉදිරි මාස කිහිපය තුළ මෙම ප්‍රවණතාව දිගටම පවතිනු ඇති බවද පවසා සිටියේය.
ඇ.ඩො.මිලියන 325කින් වෙළෙඳ අපනයන වැඩිවීම ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් යථාතත්ත්වයට පත්වීමේ ධනාත්මක සංඥාවක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. කෙසේ වෙතත් 2019 මැයි මාසයේදී වාර්තා වූ ඇ.ඩො.මිලියන 957ක වෙළෙඳ අපයනය හා සසඳන විට 2020 මැයි මාසයේ අපනයන ඇ.ඩො.මිලියන 355ක් පසුපසින් සිටියි.