2018 මැයි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාව පෙර වර්ෂයේ අනුරූප මාසයට සාපේක්ෂව 2.0%ක වැඩිවීමක් පෙන්වා තිබේ.
2018 මැයි මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යඛ්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මෙම දත්ත අනාවරණය කර සිටී.
2018 සහ 2017 යනවර්ෂ වල මැයි මස මෙම දර්ශකය පිළිවෙලින් 105.7 ක් සහ 103.7 ක් ලෙස ගණනය කොට ඇත.
ඒ අනුව 2017 මැයි මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2018 මැයි මස 'රසායනික හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන', 'පිරිසකසන ලද ලෝහ නිෂ්පාදන' සහ 'අඟුරු නිෂ්පාදනය සහ ඛනිජ තෙල් ද්‍රව්‍ය පිරිපහදුව' පිළිවෙලින් 20.9%, 19.5% සහ 13.5% ලෙස කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇත. තවද 2018 මැයි මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 2.9% ක වැඩිවීමක් වාර්තා කර තිබේ.
එසේ වුවත් ‘විදුලි උපකරණ නිෂ්පාදනය' , ‘යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ නිෂ්පාදනය' සහ 'කඩදාසි සහ කඩදාසි ආශ්රිත නිෂ්පාදන' 2017 වර්ෂයේ මැයි මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 24.6%, 13.9% සහ 12.8%ක අඩුවීමක් වාර්තා කර තිබේ.
නිශ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙන ලද කාල පරිච්ඡේදයකදී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය යොදා ගැනෙයි. තවද, මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම්ද හඳුනාගත හැකිය.