ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ පැවති 5.9% සිට මැයි මාසයේදී 5.2%ක් දක්වා පහළ ගොස් තිබේ.
2019 මැයි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව මහ බැංකුව පවසයි.
මේ අතර 2020 අප්‍රේල් මාසයේදී පැවති 12.2% හි පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය මැයි මාසයේදී 11.1%ක් දක්වා පහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනයද අප්‍රේල් මාසයේ පැවති 1.1% සිට මැයි මාසයේදී 0.8%ක් දක්වා පහළ ගොස් තිබේ.