ආනයන පහළ යෑමට වඩා වැඩි අගයකින් අපනයන පහළ යෑම හේතුවෙන් 2019 ජූලි මාසයේදී වෙළෙඳ හිඟය තරමක් පුළුල් වී තිබේ.
පසුගිය මාස කිහිපයේදීම ස්ථාවර වර්ධනයක් වාර්තා කළ අපනයන ආදායම 2019 ජූලි මසදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 7.0%ක අඩුවීමක් වාර්තා කරන බව ශ්රී ලංකා මහ බැංකුව කියයි.
එමෙන්ම, ආනයන වියදමද පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 2.2%කින් පහළ ගොස් තිබේ.
ඒ අනුව, 2019 ජුනි මස වාර්තා වූ ඇ.ඩො.මිලියන 316ක වෙළෙඳ හිඟයට සාපේක්ෂව ජූලි මාසයේදී ඇ.ඩො.මිලියන 717ක් දක්වා වෙළෙඳ හිඟය පුළුල් වී තිබේ.