ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 සැප්තැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් 5.75 % කින්, ඇමරිකානු ඩොලර් මිලියන 1,093.98ක් දක්වා වැඩි වී ඇත.
මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් හා රෙදිපිළි, තේ, මැණික් හා ස්වර්ණාභරණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික සංරචක, කුළුබඩු හා අත්‍යවශ්‍ය තෙල් අපනයන ආදායම ඉහළ යාමයි.
2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇ.ඩො.මිලියන 1,455.75ක් වූ අතර, එය 2021 අනුරූප කාල සීමාවට වඩා 3.8%කින් වැඩි විය.
අපනයන සංවර්ධන මණ්ඩලයවිසින් ඇස්තමේන්තුගත කර ඇති සේවා අපනයන තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT), ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය, සේවා, ප්‍රවාහන සහ සැපයුම් සේවා ආදියෙන් සමන්විත වේ.