බොහෝවිට ජනමාධ්‍ය පිළිබඳ එල්ල වන්නේ දෝෂාරෝපණ බවත්, ජනමාධ්‍ය පිළිබඳ සෘණ ආකල්පයක් සමාජගත වෙමින් පවතින යුගයක ජනාධිපති සම්මාන උලෙළක් පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුව ඇති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ (06දා) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති හමුවකදී මංගල සමරවීර මහතා විසින් මෙම අදහස් මතු කරන ලදී. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා,
"බොහෝවිට ජනමාධ්‍ය පිළිබඳ එල්ල වන්නේ දෝෂාරෝපණයන්. හැමවිටම ජනමාධ්‍ය පිළිබඳ ඍණ ආකල්පයක් සමාජ ගතවෙමින් පවතින යුගයක ජනාධිපති සම්මාන උළෙලක් පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුව තිබෙනවා. අද වනවිට ස්මාට් ජංගම දුරකතනයක් හිමි හැම දෙනෙකුම මාධ්‍යවේදියෙක්. තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් අන්තර්ජාලයට ක්ෂණිකව මුදා හැරීමට හැම කෙනෙකුටම හැකියි. එබැවින් වාරණය යන වචනය අදට වලංගු වන්නේ නෑ.
අසත්‍ය පුවත් නිර්මාණ පිළිබඳ ලොව පුරා කතා බහට ලක්වන සමයක වාරණය හෝ තහනම් කිරීම යනු එම පුවත්වලට තවත් ප්‍රචාරයක් ලබාදීම වැන්නක්. එබැවින් අසත්‍ය ප්‍රවෘත්තිවලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය නිර්මාණය කර ගැනීම අවශ්‍ය වෙනවා." යැයි පැවසීය.
මාධ්‍ය නිදහසෙන් පහර කෑ පුද්ගලයකු ලෙස ජනාධිපතිවරයාද මේ සම්මාන උළෙල පිළිබඳ ප්‍රසාදයෙන් කටයුතු කරමින් සිටින බවද මංගල සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.