මහනුවර පැවති රැකියා පොළ වෙත රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් 2,500කට වඩා වැඩි පිරිසක් පසුගියදා සහභාගි වී තිබේ.
මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලීය පරිශ්රයේදී මහනුවර දිස්ත්රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ ප්රධානත්වයෙන් මෙම රැකියා පොළ පවත්වා ඇත.
මෙහිදී, සම්මුඛ පරීක්ෂණයන් සඳහා පැමිණි රැකියා අපේක්ෂිතයන්ට රැකියා පිරිනැමීමේ අරමුණින් ආයතන 75කට අධික සංඛ්යාවකුත් මේ අවස්ථාවට සහභාගී වී තිබේ.
ඒ අනුව, සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වූ පිරිසගෙන් 500ක් පමණ පිරිසට ඒ මොහොතේදීම රැකියා අවස්ථා ලබාදී ඇති අතර, තවත් 500කට වැඩි පිරිසක් දෙවැනි සම්මුඛ පරීක්ෂණයට තෝරාගෙන ඇත.