2021 දෙසැම්බර් මස අවසන් වනවිට ජාත්‍යන්තර සංචිත තත්ත්වයෙහි සංයුතිය වෙනස්වීම සම්බන්ධයෙන් නොමග යවනසුලු සහ වැරදි අර්ථකථන ගෙනදෙන මාධ්‍ය වාර්තා කිහිපයක් මහ බැංකුවෙහි අවධානයට යොමුව ඇති බව නිවේදනය කරයි.
2008 වසර අවසානය වනවිට රටේ රන් සංචිතය ඇ.ඩො.මිලියන 92ක් (ඇ.ඩො.බිලියන 2.6ක දළ නිල සංචිතවලින් 3.6%ක්) පමණ වූ නමුත්, 2014 වසර අවසානය වනවිට රන් සංචිතය ඇ.ඩො.මිලියන 893ක් (ඇ.ඩො.බිලියන 8.2ක දළ නිල සංචිතවලින් 10.9%ක්) දක්වා ක්‍රමයෙන් වැඩිවූ බව මහ බැංකුව පෙන්වා දෙයි.
ඒ අනුව සංචිත කලඹේ ද්‍රවශීලතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව මත පදනම්ව 2021 අවසන් වනවිට මහ බැංකුවේ රන් සංචිතය ඇ.ඩො.මිලියන 175ක් (ඇ.ඩො.බිලියන 3.1ක දළ නිල සංචිතවලින් 5.6%ක්) දක්වා අඩුවිය හැකි වුවත්, ඉදිරියේදී විදේශ සංචිත කළඹේ සංයුතියෙහි වෙනස්වීමක් අවශ්‍ය වනව මට්ටමක් දක්වා වර්ධනය වනවිට, එහි රත්රන් ලෙස පවතින ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මහ බැංකුව සලකා බලනු ඇති බව වැඩිදුරටත් පෙන්වා දෙයි.