ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19දා) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
ඒ අනුව වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 5.5%ක් සහ 6.5%ක් ලෙස පදනම් අංක 50කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත.