නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව මහ බැංකුවට නව අධිපතිවරයෙකු පත්කරනු ඇති බවත්, ඔහු බොහෝවිට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වනු ඇති බව වාර්තා වෙයි.
වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉල්ලා අස්වීමට නියමිතව ඇති අතර, ඔහුගේ ඉවත්ව යෑමෙන් අනතුරුව මුදල් නීතිපනත අනුව යමින් ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත මෙම පත්කිරීම සිදුකරනු ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විවාදාත්මක අධිපතිවරයෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එවකට මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකුවේ අධිපති ධුරයට පත්කරන ලදී.