ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2022 ඔක්තෝම්බර් 05 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් දැනට පවතින 14.50% සහ 15.50% යන මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
නවතම සාර්ව ආර්ථික තත්ත්වයන්, අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථනයන් සලකා බලමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට පැමිණි බව මහ බැංකුව නිවේදනය කරයි.