ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 ජනවාරි 24 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් දැනට පවතින 14.5% සහ 15.5% යන මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
නවතම සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථනයන් සලකා බලමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට පැමිණ තිබේ.