ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, 7.00% සහ 8.00%ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස් ව පවත්වා ගෙන යෑමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (28දා) පැවති රැස්වීමේදී මෙම තීරණයට එලැඹ ඇති බව අද (29දා) ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවද මහ බැංකුව කියයි.
මුදල් මණ්ඩලයේ මෙම තීරණය, උද්ධමනය සියයට 4-6 අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර, මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.