ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පළවන වාර්තාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මහ බැංකු අධිපතිවරයාට ඉවත් වන ලෙස දැනුම් දුන් බවට පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
එම නිවේදනයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබුණේ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් කළේ යැයි කියන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. අධිපතිවරයා තමාගේ උපරිම විශ්වාසය දිනාගනිමින් කටයුතු කරන බවත්, රට මුහුණදෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ ශක්තිමක් කුලුණක් ලෙස කටයුතු කරන බවත් ජනපති නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
එසේම දිවයිනට පැමිණි IMF දූත පිරිස රටේ නිලධාරීන් ගැන සාකච්ඡා නොකළ බවත්, එම සාකච්ඡා රටේ මූල්‍ය තත්ත්වයන් ගැන පමණක් සිදුවූවක් මෙන්ම, අධිපතිවරයාද එම සාකච්ඡාවලට සහභාගී වූ බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
ඒ අනුව මෙම ව්‍යාජ පුවත්වලින් නොසැලී රටේ ස්ථාවරත්වයට සහ සංවර්ධනයට සිය වැදගත් කාර්යභාරය ඉදිරියටත් කරගෙන යන ලෙස තමා අධිපතිවරයාට පෞද්ගලිකවම දන්වා සිටි බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.