මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත්කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ රානී ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟවීම ගැන ශ්රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා සිය සතුට ප්රකාශ කර තිබේ.
විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ පවසා ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.
"මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත්කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ රානී ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟවීම ගැන ශ්රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස මම ඉමහත් සතුටට පත්වෙමි. ඔවුන් පෙරදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සැමවිටම ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂා කරගනිමින්, කාර්යක්ෂමය ක්රියාකර ඇති අතර, මහ බැංකුවේ සියලුම කටයුතු සඳහා ඉතා ධනාත්මකව දායක වී ඇත. ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ පූර්ණ විශ්වාසයක් මා සතුව පවතින බැවින්, ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය සහ අගනා මගපෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත්, අධිපතිවරයා ලෙස මටත් ලබාගැනීමට බලාපොරොත්තු වෙමි."