ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
2019 ජනාධිපතිවරණයට පෙරදීම ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති බවත්, පෞද්ගලික හේතූන් මත ඔහු සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් සඳහන් වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපතිවරයා ලෙස කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 ජූලි මාසයේදී සිය ධුරයේ වැඩ ඇරඹූ අතර, 2017 වසරේදී The Global Capital Markets විසින් ‘දකුණු ආසියාවේ මහ බැංකු අධිපතිවරයා‘ සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය.
එමෙන්ම, මෙම වසරේ අගෝස්තු මාසයේදී ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දේශමාන්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබීය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 අංක 7 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය පැවැත්වෙන 2019 නොවැම්බර් 29 දින මාධ්‍ය හමුවට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහභාගී වනු ඇති බවද විශ්වාස කෙරෙයි.