පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ ක්ෂේත්‍ර රැසකට බලපැවැත්වෙන පරිදි සහන පැකේජයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. සංචාරක, ප්‍රවාහන, කලා ආදී ක්ෂේත්‍ර ගණනාවකට මෙම පැකේජය සහන සැලසෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ප්‍රහාරය හේතුවෙන් ප්‍රබලම බලපෑම එල්ල වූ සංචාරක ක්ෂේත්රයේ විධිමත් අංශය වෙනුවෙන් මීට පෙරද සහන ලබාදුන්නත්, අවිධිමත් ලෙස සංචාරය ව්‍යාපාරයට සම්බන්ධ වෘත්තීන්වල නිතර පාර්ශ්වයන්ද සංචාරකයන්ගේ පැමිණීම පහළ යාමෙන් දැඩි පීඩාවට පත්ව ඇති බැවින් නව සහන පැකේජයට එම පාර්ශ්වන්ද ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියි. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
සංචාරක ක්ෂේත්රයට අදාළ රැකියාවන්හි නිරත ක්ෂුද්‍ර ව්‍යාපාරිකයන්, ස්වයං රැකියා නියුක්තිකයන් හා අනිකුත් අනියම් ව්‍යාපාරිකයන්ගේ ජීවන තත්ත්වය ශක්තිමත් කිරීමට සඳහා සංචාරක පොඩ්ඩෝ නමින් නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. මේ යටතේ රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත්ව පොලී රහිත ණය මුදලක් ලබාදෙන බවත්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් මෙම ණය මුදල ගෙවීම සඳහා වසරක සහන කාලයක් හිමියන බවත් අමාත්‍යවරයා කියයි.
එමෙන්ම, පෞද්ගලික බස් රථ හිමියන් වෙනුවෙන් 2019 වසරේ අප්‍රේල් සහ මැයි යන මාස දෙක සඳහා පමා සහන කාලයක් හිමිවන බවත්, ඊට අදාළව බැංකු සහ කල් බදු සමාගම් වෙත මේ වන විට චක්‍ර ලේඛ නිකුත් කර ඇති බවත් පවසා සිටියි.
මීට අමතරව එළිමහන් සංගීත සංදර්ශන පවත්වනු ලබන කණ්ඩායම්වල සාමාජිකයන් ලබාගත් ණය හා ලීසිං පහසුකම් වෙනුවෙන් සහන කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම, ජුනි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 3.46% සහන පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත් ව කාරක ප්‍රාග්ධන මුදලක් ලබාදෙන බවත්, මෙම ණය මුදලේ පොලියෙන් 75%ක්ම රජය විසින් දරණු ලබන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
මීට අමතරව, තොරණ නිර්මාණකරුවන්, විදුලි කාර්මික ශිල්පීන්, චිත්රශිල්පීන් සහ විරුදු ශිල්පීන් වෙනුවෙන් ද සහන සැලසීමේ වැඩ පිළිවෙළක් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.