ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලතම ආයෝජන සැකසුම් කලාපය ලෙස පැවසෙන බිංගිරිය ආයෝජන සැකසුම් කලාපයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමක් පසුගියදා සිදුව තිබේ.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පසුගියදා ඉදිකිරීම් භූමියට ගොස් ඉදිකිරීම් කටයුතුවල නවතම තත්ත්වය සොයා බලා ඇති අතර, එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ජයමහ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්යක්ෂ ඒ.කේ.ඒ. මහින්ද යන මහත්වරුන්ද සහභාගී වී තිබේ.