ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) හා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය එක්ව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව 'ව්‍යවසායකත්ව සම්මාන 2019 - බස්නාහිර පළාත' සම්මාන උළෙල සිව්වැනි වරටත් මෙවර සංවිධානය කරනු ලබන බව දැනුම් දෙයි.
මෙම සම්මාන ප්රදානෝත්සවයේදී බස්නාහිර පළාත තුළ වසරේ හොඳම ව්‍යවසායකයා තෝරනු ලබන අතර, ඊට අමතරව කර්මාන්ත / නිෂ්පාදන අංශය, කෘෂිකර්මාන්ත / ධීවර / පශු සම්පත් අංශය සහ සංචාරක / හෝටල් / වෙනත් සේවා යන අංශ යටතේ හොඳම ව්‍යවසායකයන් සඳහා සම්මානද, තෝරාගත් විශේෂ ඇගයීම් හා මිණුම් දඬු 09ක් ඔස්සේ වූ හොඳම කාර්ය සාධනයක් පෙන්වන ව්‍යවසායකයන් සඳහාද මෙහිදී සම්මාන පිරිනැමීමට නියමිතව ඇත.
මීට අයැදුම් කිරීම සඳහා සුදුසුකම් වන්නේ, අදාළ ව්‍යාපාරය බස්නාහිර පළාත තුළ පිහිටා තිබිය යුතුවීම (ජාතික මට්ටමේ ව්‍යාපාර සංවිධානවල ශාඛාවක් නොවිය යුතුය), ක්ෂුද්‍ර කුඩා මධ්‍යම සහ විශාල පරිමාණ යන කර්මාන්ත අංශයන්ට අයත් ව්‍යාපාරයක් විය යුතුය, අයැදුම් කරන අවස්ථාවේ සෑම අයැදුම්කරුවෙකු සතුව වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් (BRC) තිබිය යුතුය.
මෙහිදී ජයග්රහන ලබන්නන්ට ලැබෙන ප්රතිලාභ වන්නේ, පළාත් හා ජාතික මට්ටමේ ඇගයීමක් හිමිවීම, මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය හරහා පළාත් සහ ජාතික මට්ටමෙන් ප්‍රචාරයක් ලැබීම, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ජාතික වාණිජ මණ්ඩලය සහ අනෙකුත් ආයතන හරහා ලැබෙන පිළිගැනීම මත ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමට මෙන්ම, ඉහළ ප්‍රචාරණයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවීම බව සංවිධායකයෝ පවසති.
ඒ සඳහා වූ ඔබේ අයැදුම්පත් නො.450, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි ජාතික වාණිජ මණ්ඩල ප්‍රධාන කාර්යාලයෙන් හෝ www.nationalchamber.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, අයැදුම්පත් භාරගන්නා අවසන් දිනය සැප්තැම්බර් මස 25 වැනිදාය.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011 47 41 788 දුරකථන අංකය අමතා ලබාගත හැකිය.