බස්නාහිර පළාත 2018 වසරේදී අඛණ්ඩව රටේ ආර්ථිකයට ඉහළම දායකත්වය ලබාදී ඇති අතර, මධ්‍යම හා වයඹ පළාත් පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ඉහළම දායක්තවය ලබාදී ඇති බව 2018 වසරේ පළාත් දළ දේශීය නිෂ්පාදිතය ප්‍රකාශයට පත්කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ඇස්තමේන්තුගත අගයන්ට අනුව, 2018 වසරේ බස්නාහිර පළාත් නාමික දළ දේශීය නිෂ්පාදිතය රු.බිලියන 5,558ක් ලෙස වාර්තා වන අතර, එය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත ප.ද.දේ.නි. දායකත්වයේ ඉහළම වර්ධනය සහිත පළාතද වෙයි. මේ අතර, මධ්‍යම සහ වයඹ පළාත් පිළිවෙළින් රු.බිලියන 1,710ක සහ 1,593ක නාමික දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කර ඇත. බස්නාහිර පළාතට අමතරව, ප.ද.දේ.නි. දායකත්වයේ වර්ධනයක් වාර්තා වී ඇත්තේ උතුරු මැද පළාතෙනි. එමෙන්ම, එම වසරේ මධ්‍යම, සමරගමුව සහ ඌව පළාත්වල දායකත්වයේ අඩුවීමක්ද පෙන්නුම් කර ඇති අතර, වයඹ, දකුණු, නැගෙනහිර සහ උතුරු යන පළාත්වල කිසිදු වෙනස්වීමක් වාර්තා නොවූ බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, පළාත් තුළ ආර්ථික කටයුතු සැලකීමේදී සියයට 50කට වැඩි දායකත්වයක් ලබාදෙමින් සේවා අංශය සෑම පළාතකම ඉදිරියට පැමිණ තිබුණි. එමෙන්ම, කර්මාන්ත අංශයේ දායකත්වය සියයට 16.2 (උතුරු මැද පළාත) සිට 32.8 (බස්නාහිර පළාත) දක්වා වූ අගය පරාසයක පැවති අතර, බොහෝ පළාත්වල මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක වූයේ ඉදිකිරීම් කර්මාන්තය සහ එම සේවාවන්ය. කෙසේ වෙතත්, ප.ද.දේ.නි. සඳහා කෘෂිකාර්මික අංශයේ දායකත්වය අවම අගයක පැවති බවද මහ බැංකු දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.