ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් මහතා අතර හමුවක් ශ්රී ලංකා මහ බැංකු පරිශ්රයේදී අද (24දා) පවත්වා තිබුණි.
එහිදී ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය විශාල වශයෙන් සහයෝගී කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.
