බංග්ලාදේශයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ 2023 අගෝස්තු 27 වැනි දින ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩකා නගරයේ සිට කොළඹ බලා පැමිණියහ.
මෑතකදී තවත් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් තම ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය තෝරාගෙන තිබිණි.
UL190 දරන ගුවන් යානයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙලෙස මෙරටට පැමිණියේ 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමේ අරමුණින් වන අතර, එහිදී ඔවුන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය වෙතින් උණුසුම් පිළිගැනීමක් හිමි විය.
දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඩකා සහ කොළඹ අතර දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.