තවත් ගොවීන් සහ පොල් වගාකරුවන් 1,000කට දෙමුහුන් පොල් පැල 5,000ක් සහ කාබනික පොහොර ප්රදානය කරමින් නෙස්ලේ පොල් වගා සැලසුමේ පස්වැනි අදියර 2021 නොවැම්බර් 10දා මහ ඔය, අරන්තලාව ප්‍රදේශයේදී දියත් විය.
ශ්‍රී ලංකා පොල් වගා කිරීමේ මණ්ඩලය සමග නෙස්ලේ ලංකා සමාගම දියත් කළ මෙම අදියර, කාබනික වගාව මුල් කරගනිමින් ක්‍රියාත්මක වේ. එමගින්, පසේ සරුභාවය සහ තෙතමනය ආරක්ෂා කර, ජෛව විවිධත්වය සුරකින අතර, උසස් තත්ත්වයේ අස්වැන්නක් ලබාගැනීමද තහවුරු කෙරේ.
"පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ නොමඳ ආදරය දිනාගත් භෝගයක් ලෙස පොල්, සංස්කෘතික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද අපගේ ජීවිතවලට බද්ධ වී තිබෙනවා. කෙසේ නමුත්, පසුගිය වසර කිහිපයේදී නියඟය සහ වගාවන්ට වැලඳුණු රෝග හේතුවෙන් පොල් සැපයුම පහත වැටුණා. එය බොහෝ දෙනෙකුගේ ජීවනෝපායටත් විශාල බලපෑමක් එල්ල කළා. එවන් පසුබිමක, සාම්ප්‍රදායිකව පොල් වගා නොකරන ප්‍රදේශයන්හි ග්‍රාමීය පවුල්වලට උසස් තත්ත්වයේ පොල් පැල වගාකිරීමට සහාය පිරිනමන මෙම රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවට සම්බන්ධ වීමට හැකිවීම අපට මහත් සතුටක්" යැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනී මාධවී හේරත් මහත්මිය පැවසුවාය.
2016 වසරේදී නෙස්ලේ ලංකා සමාගම සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව හඳුන්වා දුන් නෙස්ලේ පොල් වගා සැලසුමේ වර්තමාන ප්‍රතිලාභී ගොවීන් සංඛ්‍යාව 4,000කි. මෙම පොල් සංවර්ධන වැඩසටහන යටතේ, ඊට එක්වන්නන්ට නොමිලේ දෙමුහුන් පොල් පැල ලබාදෙන අතර, තාක්ෂණික සහාය සහ විශේෂ පුහුණු හා සංවර්ධන වැඩසටහන් ආදියද ලබාදෙයි. තව ද මේ යටතේ, ගොවීන්ට සහ වගාකරුවන්ට උසස් වගා භාවිතාවන් අධ්‍යයනයට අවස්ථාව සලසා දෙමින් ආදර්ශ ගොවිපොළවල් පහක් ද පිහිටුවා තිබේ. ඒ අතුරින්, අවසානයට පිහිටුවන ලද ආදර්ශ ගොවිපොළ මගින් කාබනික වගා ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබාදීමට අවධානය යොමු කර ඇත.
"මෙය, ශ්‍රී ලංකාවට පොල්වලින් ස්වයංපෝෂිත වීම සඳහා සහාය වීමට මෙන්ම, පරිසරයට වගේම අපගේ ප්‍රජාවට යහපත් වූ වගා ක්‍රමවේද හඳුන්වාදීමට අපට ලැබුණු වටිනා අවස්ථාවක්. පුනර්ජනනය කරා නව ගමනක් අපි ආරම්භ කර ඇති හෙයින්, ගොවීන්ට තම වගාවන් තිරසාර සහ ලාභදායී කිරීමට අවශ්‍ය කාබනික වගා ක්‍රමවේද භාවිතයට ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. අපේ ඉලක්කය වන්නේ එක් වරකට එක් පියවර බැගින් තබමින්, ආහාර පද්ධති ආරක්ෂා කරගැනීම, නව්‍යකරණය කිරීම හා යළි පිහිටුවීම සඳහා සහාය වීමයි" යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා පැවසීය.