නෙස්ලේ ලංකා සමාගම සිය පාසල් කසළ කළමනාකරණ වැඩසටහනේ දෙවැනි අදියර වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය හා එක්ව සමස්ත ලංකා පාසල් පෝස්ටර් චිත්‍ර තරගයක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ.
‘මිහිතලයේ යහපැවැත්ම වෙනුවෙන් සිත්තමක මෙහෙවර’ යනුවෙන් නම්කර ඇති මෙම තරගය මගින් කුඩා අවධියේ සිටම වගකීම් සහගත ලෙස කසළ බැහැර කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ පාසල් දරුවන් අතර අවබෝධය වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. මෙම තරගය අධ්‍යාපන කලාප, පළාත් සහ සමස්ත ලංකා යන තරග වට තුනකින් සමන්විතවන අතර, අවසන් වටය එළඹෙන ජුනි මාසයේ ලෝක පරිසර දිනයට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ අනාගත පරපුර තුළ ධනාත්මක චර්යාත්මක වෙනස්කම් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් 2020 වසරේදී ආරම්භ වූ පාසල් කසල කළමනාකරණ වැඩසටහන මගින් පාසල් වෙත කසළ කළමනාකරණ පද්ධති පරිත්‍යාග කෙරුණි. ඊට සමගාමීව වගකීම්සහගත ලෙස කසළ බැහැරකිරීමේ වැදගත්කම පිළිබඳව ද පාසල් සිසුන් දැනුවත් කෙරුණි.
කසළවලින් තොර අනාගතයක් වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගම යන ගමන්මගෙහි ප්රයත්නයක් ලෙස එම වැඩසටහන පසුගිය වසරේදී තවදුරටත් පුළුල් කරමින්, දිවයින පුරා පාසල් 200කට වැඩි සංඛ්‍යාවක සිසුන් 350,000ක් පමණ ආවරණය කිරීමට සමත්විය.
″අවිධිමත් කසළ කළමනාකරණය යනු කඩිනම් අවධානය යොමුවිය යුතු ගැටලුවක්. විශේෂයෙන්ම අපගේ දරුවන් වෙනුවෙන් වඩා යහපත් හෙට දවසක් නිර්මාණය කිරීම සඳහා සෑම කර්මාන්තයකම සහ ක්ෂේත්රයකම නියැලී සිටින සියලුදෙනාගේම සහයෝගය අවශ්‍ය යි. ඒ අනුව, වගකීම් සහගත ලෙස කසළ බැහැර කිරීම පිළිබඳ අපේ රටේ අනාගත පරපුර තුළ අවබෝධය වර්ධනය කරන මෙම පාසල් කසළ කළමනාකරණ වැඩසටහන ඊට කදිම වේදිකාවක්″ යැයි මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරිනී සුජීවා පෙරේරා මෙනෙවිය පැවසුවාය.
″මෙවැනි චිත්‍ර තරග හා ප්‍රදර්ශන පැවැත්වීමෙන් දරුවන්ට තම නිර්මාණශීලීත්වය සහ සෞන්දර්ය කුසලතා දියුණු කර ගැනීමට අවස්ථාවක් සැලසෙන අතර, වගකීම්සහගතව කසළ බැහැර කිරීම වැනි වටිනා පුරුද්දක් සමාජගත කිරීමට ද දායකත්වයක් ලැබෙනු ඇති. එය දරුවන් තුළ ධනාත්මක චර්යාත්මක වෙනසක් ඇතිකිරීමට හේතු වෙනවා″ යනුවෙන් පෝස්ටර් චිත්‍ර තරගය පිළිබඳ අදහස් දක්වමින් අධ්‍යාපන ශාඛාවේ සෞන්දර්ය අංශයේ සහකාර අධ්‍යක්ෂිකා රුවිනි ජයලත් මහත්මිය ප්‍රකාශ කළාය.
″වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නම් කුඩා කාලයේ පටන්ම දරුවන්ට හොඳ පුරුදු කියාදිය යුතුයි. එම නිසා දිවයින පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත පාසල් දරුවන් වෙනුවෙන් මෙවැනි වටිනා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මම නෙස්ලේ ලංකා ආයතනයටත්, බලධාරීන්ටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම දරුවන්ට තමන්ගේ සෞන්දර්ය කුසලතා ප්‍රදර්ශනය කිරීමටත් මෙම චිත්‍ර තරගය විශාල පිටුවහලක් වේවි″ යනුවෙන් මහරගම මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිනී එන්.ඩී.සී. ජයංගනී මහත්මිය පැවසුවාය.
පරිසර හිතකාමීත්වය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන නෙස්ලේ සමාගම, ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය වැළැක්වීම සඳහා අඛණ්ඩව කටයුතු කරයි. විශේෂයෙන්ම ප්ලාස්ටික් ඇතුළු කිසිදු නෙස්ලේ නිෂ්පාදන ඇසුරුමක් කසළ අංගන හෝ ජලධාරාවන්ට එකතු නොකිරීමේ අරමුණ සමාගම සතුය. ඒ වෙනුවෙන් ප්ලාස්ටික් ආශ්රිත ඇසුරුම් භාවිතය අවම කිරීම, නැවත භාවිතය, යළි නිර්මාණකරණය සහ ප්රතිචක්රීයකරණය මෙන්ම ධනාත්මක චර්යාත්මක වෙනස්කම් ඇතුළත් මුල පිරීම් රාශියක් සමාගම දියත් කරයි.
ඒ යටතේ එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් බට භාවිතය අවම කිරීම, තම නිෂ්පාදන සඳහා ප්රතිචක්රීයකරණ හෝ නැවත භාවිතයට ගත හැකි ඇසුරුම් ආදේශ කිරීම, විෂබීජහරණය කළ පාන වර්ග ඇසුරුම් සඳහා චක්‍රීය ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීම සහ හරිතවත් හා පිවිතුරු ශ්‍රී ලංකාවක් උදෙසා චර්යාත්මක වෙනස්කම් ඇතිකිරීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා එක්ව කටයුතු කිරීම වැනි විවිධ ක්‍රමෝපාය ගණනාවක් ක්‍රියාවට නංවා ඇත.
‘වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මකබව වර්ධනය කරගැනීම සඳහා ආහාර සතු ශක්තිය මුදාහැරීමේ‘ අරමුණ සමඟ ක්‍රියා කරන නෙස්ලේ සමාගම, ඉහළ ගුණාත්මකබවින් යුතු සිය ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයින්ට සමීප වී ඇත. 1906 වසරේ ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කළ නෙස්ලේ ලංකා සමාගම වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත තුළට බද්ධ වී ඇත. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් කර්මාන්තශාලාවේ දැඩි සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්රමිතීන් මත නිපදවනු ලබයි.