විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම සලකා බලමින්, "විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය" යටතේ බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ මෙරටට ප්‍රේෂණය කරන රුපියල්වලට මාරු කරනු ලබන විදේශ ප්‍රේෂණ සඳහා දැනට ලබාදෙනු ලබන එක්සත් ජනපද ඩොලරයකට රු.10.00ක දිරි දීමනාව තවදුරටත් 2022.01.31දා දක්වා අඛණ්ඩව ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
තවද විදේශ සේවා නියුක්තිකයන් විසින් විදේශ විනිමය හුවමාරු ආයතන සහ / හෝ බැංකු හරහා ශ්‍රී ලංකාවට තම විදේශ මුදල් ප්‍රේෂණය කිරීමේදී දැනට එකී ආයතනවලට ගෙවනු ලබන ගාස්තු නිශ්චිත සීමාවකට යටත්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැරීමටද තීරණය කර ඇත.
ඒ අනුව ඉදිරියේදී විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිම ගාස්තුවකින් තොරව තම විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමට හැකිවනු ඇත. මේ සම්බන්ධයෙන් වන ආරම්භක දිනයද ඇතුළු, මෙහෙයුම් උපදෙස් මහ බැංකුව විසින් නිකුත් කරනු ඇති බවද නිවේදනය කරයි.