ලෝක වෙළෙඳපාළෙහි බොරතෙල් මිල පසුගිය 8දා වනවිට මාස 7කින් පසු දක්නට ලැබුණු පහළම අගය වෙත පැමිණ තිබුණත්, මේ වනවිට සුළු වශයෙන් ඉහළ යෑමක් පෙන්නුම් කරයි.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ (09දා) ඇ.ඩොලර් 92.84ක් ලෙස සටහන් විය.
එමෙන්ම, එක්සත් ජනපද මිනුම් දණ්ඩ වන WTI බොරතෙල් බැරලයද ඊයේ ඇ.ඩො. ඇ.ඩොලර් 86.79ක් ලෙස සටහන් වූ අතර, එය පෙරේදා (08දා) ඇ.ඩොලර් 81.30ක් දක්වා පහත වැටී තිබුණි.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලය 2022 පෙබරවාරි මාසයෙන් පසුව ඇ.ඩො.90ට වඩා පහත වැටී තිබුණේ පසුගිය 08දාය.
කෙසේ වෙතත්, තවදුරටත් යම් පහළ අගයක පවතින බොරතෙල් මිල මේ ආකාරයෙන් පහත වැටීම කෙරෙහි එක්සත් ඩොලරය ශක්තිමත් කිරීම සහ චීනයේ පවතින කොවිඩ්-19 සීමාවන් ඇතුළු විවිධ සාධක හේතු වී ඇති බව විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
පසුගියදා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ, තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට ලැබෙනු ඇති බවයි. පසුගිය සැප්තැම්බර් 01දා මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි සංශෝධනයක් නොවීම ගැන පළවූ අදහස් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් හෙතෙම මෙසේ පවසා තිබුණි.