නෝර්වේ ඇග්ඩර් විශ්වවිද්‍යාලයේ ‘සංවර්ධන අධ්‍යයන’ උපාධි පාඨමාලාව හදාරන ශිෂ්‍යන් 25දෙනෙකු පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) අධ්‍යාපන චාරිකාවක නිරත විය.
විවිධ ප්‍රායෝගික සංවර්ධන ගැටලු මෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් දැනට පවත්නා අභියෝග පිළිබඳව ඉගෙනීම, සංචාරයේ අරමුණු විය.
හම්බන්තොට වරායේ විවිධ ක්‍රියාදාමයන් මෙන්ම එහි උපායමාර්ගික වටිනාකම, අනාගත සැලසුම්, වත්මන් සහ අනාගත ආයෝජන ව්‍යාපෘති පිළිබඳව උපාධි අපේක්ෂකයින්ව දැනුවත් කරන ලදී. එමෙන්ම ඉංජිනේරු සහ තාක්ෂණ කළමනාකරණයේ කාර්යයන්, වරාය විසින් අනුගමනය කරන හරිත ක්‍රමවේද සහ
හරිතාගාර වායු අවම කිරීමේ ක්‍රියාවලීන්, ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය, යටිතල පහසුකම්, කොළඹ වරාය, සහ HIP විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය, පිළිබඳවද දළ විශ්ලේෂණයක් සිදු කළහ.
“හම්බන්තොට ජාත්‍යන්තර වරාය පිළිබඳ වර්තමාන තරුණ කැල අතර වැඩෙමින් පවතින වෘත්තිමය උනන්දුව අපගේ සතුටට කරුණක්. වරාය ක්‍රියාකාරකම්වලින් ඔබ්බට ගිය අපගේ සැලැස්ම සහ උපාය මාර්ග ඔවුන්ට වටහාදීමට අප සැමවිටම සූදානම්. වරායට යාබද මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය දක්වා විසිර ඇති නිෂ්පාදන සහ සැපයුම් දෙඅංශයේම කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම අපගේ එක් අරමුණක්. අධ්‍යාපන හා ප්‍රායෝගික දෘෂ්ටිකෝණයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය වැදගත් වන්නේ, එහි උපයමාර්ගික පිහිටීම මෙන්ම ජාතයන්තර රීතීන්ට අනුකූල සේවා සහ ක්‍රියාපටිපාටීන්, රට තුළ කර්මාන්ත අංශය සහ සමස්ත ආර්ථිකයේ දියුණුව සඳහා ලබාදෙන සහාය වැනි හේතු නිසා. වරායේ වර්ධනය, ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ සමීපව සම්බන්ධ වී ඇති අතර, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක්, හරිත පරිසරයක් සඳහා රුක් සිටුවීම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල ප්‍රදේශයේ අත් හළ රජයේ පාසලක් නැවත ගොඩනැගීම, හම්බන්තොට මහ රෝහලට අංගසම්පූර්ණ PCR පරීක්ෂණ මධ්‍යස්ථානයක් ලබාදීම, අපේක්ෂාවේ ගම්මානය පිහිටුවීම, අලි මිනිස් සාම අරමුදල ආරම්භ කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රාශියක් දැනටමත් සිදු කර තිබෙනවා” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පැවසුවේය.
21 වැනි සියවසේ සංවර්ධන තීරණාත්මක ගැටළු සහ සංස්කෘතිය, ගෝලීයකරණය, සංක්‍රමණය, ජාත්‍යන්තර සහ ජාතික බල ව්‍යුහයන්, ආර්ථික අවශ්‍යතා, සම්පත් පාලනය සහ කළමනාකරණය යන සංකීර්ණ අන්තර් සම්බන්ධතා ඇග්ඩර් විශ්ව විද්‍යාලයේ ගෝලීය සංවර්ධන අධ්‍යයනයන අංශයේ උපාධි වැඩසටහනේ අන්තර්ගත හැදෑරීම් වේ.