දිවයින පුරා විසිරී සිටින සහාය අවැසි ජනතාවට ආහාර ලබාදීම වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානයක් වන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.
ඒ අනුව, ’යහපත් ආහාර, යහපත් ජීවිතය′(Good food, Good life) යන තේමාව පෙරදැරි කරගත් නෙස්ලේ සමාගම, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය මගින් රට තුළ මතුවෙමින් පවතින ආහාර සුරක්ෂිතතා ගැටලුව හේතුවෙන්පිහිටුවන ලද ප්‍රජා පෝෂණ සංචිත 25ට වියළි ආහාර ද්‍රව්‍ය සහ නෙස්ලේ නිෂ්පාදන පරිත්‍යාග කළේය.මෙසේ පරිත්‍යාග කරන ලද දෑ, තෝරාගත් ප්‍රතිලාභී පවුල් වෙත ඔවුන්ගේ අවශ්‍යතාව මත බෙදාහරිනු ඇත.
සහෝදර ශ්‍රී ලාංකේය ජනතාවට සහාය අවැසි මොහොතේ ඔවුන්ට සහාය වීමේ නෙස්ලේ ලංකා වැඩපිළිවෙළ යටතේ මෙම පරිත්‍යාග සිදුකෙරිණි. වර්තමාන සමාජ ආර්ථික අභියෝග හමුවේ තම වටිනාකම් දාම පාර්ශ්වකරුවන්ට මෙන්ම ඉන් ඔබ්බට ගොස් පොදුවේ ජනතාවට සහන සැලසෙන ව්‍යාපෘති කිහිපයක්ම මේ වසර තුළ ආරම්භ කිරීමට නෙස්ලේ ලංකා සමාගම කටයුතු කළේය.
″ලොව විශාලතම ආහාරපාන නිෂ්පාදන සමාගම වශයෙන්, ආහාර සහ පෝෂණය යනු අපගේ ව්‍යාපාරයේ හරයයි. මෙම අභියෝගකාරී කාලවකවානුවේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අපට කළ හැකි බොහෝ දෑ ඇති බව අපගේ දැඩිවිශ්වාසයයි.ගෙවුණු වසර 115ක කාලය තුළ දී සිදුකළාක් මෙන් රටටත් ප්‍රජාවටත් යළි ප්රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කළේ ඒ නිසායි. එවන් පසුබිමක, ප්‍රජා පෝෂණ සංචිතවැනි විවිධ ව්‍යාපෘති හරහා වසර ගණනාවක් අඛණ්ඩව ශ්‍රී ලාංකික ප්‍රජාවට සහාය සලසන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම අපට විශාල සතුටක්. ඔවුන් හා එක්ව ඉදිරියේදී තවත් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට අපි බලාපොරොත්තු වෙනවා″ යැයි නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා ප්‍රකාශ කළේය.
″මේ වනවිට බොහෝ ශ්‍රී ලාංකිකයින් ආහාර සුරක්ෂිතතා ගැටලුවට මුහුණ දෙමින් සිටිනවා. එබැවින් මෙවැනි සහයෝගීතාවන් තුළින් ඔවුන්ට මෙම අභියෝගාත්මක කාලය පසුකිරීමට සහායක් හිමිවෙනවා. අපගේ ප්‍රජා පෝෂණ සංචිතවෙත දායක වීම පිළිබඳව අපි නෙස්ලේ ලංකා ආයතනයට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ලංකාව පුරා විසිරී සිටින සහාය අවශ්‍ය පවුල් දහස් ගණනකට එමඟින් සෙත සැලසෙනවා″, යනුවෙන් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්යා එස්. ආරියරත්න මහතා පැවසුවේය.
‘වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මකබව වර්ධනය කරගැනීම සඳහා ආහාර සතු ශක්තිය මුදාහැරීමේ‘ අරමුණ සමඟ ක්‍රියා කරන නෙස්ලේ සමාගම, ඉහළ ගුණාත්මකබවින් යුතු සිය ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයින්ට සමීප වී ඇත.1906 වසරේ පටන් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සිදුකරන නෙස්ලේ සමාගම වර්තමානයවන විට ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත තුළට බද්ධ වී ඇත. එමෙන්ම 25,000කට වැඩි ශ්‍රී ලාංකික කිරි සහ පොල් ගොවීන් මෙන්ම ගෙවතු වගාකරුවන්ගේ ජීවනෝපාය සංවර්ධනයට දායකවන නෙස්ලේ ලංකා සමාගමේ ඍජු රැකියා නියුක්තිකයින්ගේ සංඛ්‍යාව 800 ඉක්මවයි. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් කර්මාන්තශාලාවේ දැඩි සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්රමිතීන් මත නිපදවනු ලබයි.
ඡායාරූපය - ප්‍රතිලාභී පවුලක් පරිත්‍යාග ලබාගන්නා අයුරු (වමේ සිට දකුණට): නෙස්ලේ ලංකා ජ්‍යෙෂ්ඨ කළමනාකරු- ආයතනික සබඳතා දමිත කුලතුංග මහතා; නෙස්ලේ ලංකා කළමනාකරු - ආයතනික සන්නිවේදන ඉසුරි අලහකෝන් මෙනෙවිය, නෙස්ලේ ලංකා සහකාර උප සභාපතිනි - ආයතනික සන්නිවේදන රාධිනී ද කොස්තා මහත්මිය; නෙස්ලේ ලංකා කළමනාකාර අධ්යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා, ප්‍රතිලාභිනිය, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ක්ෂේත්‍ර මෙහෙයුම් අධ්‍යක්ෂිකා ප්‍රියන්ති ලියනගේ මහත්මිය, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඉඳුනිල් හිත්තැටිය මහතා.