නෙස්ලේ ලංකා සමාගමෙහි නව කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස බර්නාඩ් ස්ටෙෆාන් මහතා 2023 මාර්තු 01 වැනිදා සිට රාජකාරි ආරම්භ කළේය. ඒ, මෙතෙක් එම ධුරයේ කටයුතු කළ ජේසන් ඇවන්සෙන්‍යා මහතාගේ ධුර කාලය 2023 පෙබරවාරි 28 දිනෙන් අවසන් වීමත් සමඟ ය.
අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නෙස්ලේ ව්‍යාපාර කටයුතුවලට සාර්ථකව නායකත්වය ලබාදුන් ජේසන් ඇවන්සෙන්‍යා මහතා, 2023 මාර්තු 1 වැනිදා සිට නෙස්ලේ පාකිස්ථානයේ සහ නෙස්ලේ ඇෆ්ඝනිස්ථානයේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස පත්වීම ලැබීය.
වසර 22කට වැඩි කාලයක අත්දැකීම් සමඟ නෙස්ලේ ලංකා සමාගමට පැමිණෙන බර්නාඩ් මහතා, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද්දේ ප්‍රංශයේ Nestlé Waters හි සමාගම් ඒකාබද්ධකරණ සහ අත්පත්කරගැනීමේ (Merges and Acquisitions) අංශයෙනි. ඉන් අනතුරුව එක්සත් රාජධානිය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය වැනි රටවලට ද Nestlé Waters හි විවිධ තනතුරු ඉසිළූ ඒ මහතා, 2007 වසරේදී ජර්මනියේ Nestlé Waters Direct හි ව්‍යාපාර කළමනාකරු ලෙස පත්වුණේය.
ඉන් වසරකට පසු ඕස්ට්‍රේලියාවේ Nestlé Peters Ice Cream හි මාර්ග විකුණුම් සහ මෙහෙයුම් (Route Sales and Operations) අංශ ප්‍රධානියා ලෙස ඔහු වැඩ භාරගත්තේය. එම තනතුරේ වසර හතරකට වැඩි කාලයක් කටයුතු කිරීමෙන් අනතුරුව ඔහු 2012 වසරේදී චීන කලාපයේ ප්‍රධාන ක්‍රමෝපාය සහ ව්‍යාපාර සංවර්ධන (Strategy and Business Development) නිලධාරියා ලෙස සේවය කළේය. 2017 වසරේදී යළි ස්විට්සර්ලන්තය බලාගිය ඔහු ආසියානු, ඕෂනියා සහ අප්‍රිකානු කලාප කළමනාකරු ලෙස කටයුතු කළේය. එම කාලය තුළ චීනය, දකුණු ආසියාව, නෙස්ලේ පාකිස්ථාන් සහ එම කලාපයේ අයිස්ක්‍රීම් අංශයේ ප්‍රධාන අලෙවි, විකුණුම් සහ ඊ-වානිජ (Marketing, Sales and eCommerce) ප්‍රධානියා ලෙස රාජකාරි කළේය. මීට වසරකට ඉහතදී Greater China කලාපය නිර්මාණය කිරීමෙන් අනතුරුව එහි නියෝජ්‍ය ප්‍රධානියා ලෙස බර්නාඩ් මහතා සේවය කළේය.
දකුණු ආසියානු කලාපයට අනන්‍ය අභියෝග මෙන්ම අවස්ථා පිළිබඳ බර්නාඩ් මහතා සතු පුළුල් අත්දැකීම් සම්භාරය සහ දැනුම සමඟින්, නෙස්ලේ ලංකා සමාගමෙහි නව කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස සමාගම සාර්ථකව ඉදිරියට ගෙනයාමට ඔහුට හැකිවනු නොඅනුමාන ය.