නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් 45000ක් විසින් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ ඊට අදාළ පොලී මුදල් කපා හැරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
එම කාන්තාවන් 45000ක් විසින් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ ඊට අදාළ පොලී මුදල් කපා හැරීමට අදාළ සහතික පත්‍ර ප්රදානය කෙරුණු ජාතික උත්සවය ඊයේ (14දා) යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල කාන්තාවන් 300කට අධික පිරිසකගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම සංඛේතාත්මකව සිදු කෙරිණි.