නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 මැයි මස 31 වැනි දින ප.ව.4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 6ක කාලසීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා බලපැවැත්වෙන නියාමනයන්ට අනුකූල වීමට නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට අඛණ්ඩව නොහැකිවීම සලකා බලමින්, ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරනලද නියෝගයන්ට අනුව පසුගිය 30දා රැස්වූ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
එහිදී, මෙම නියාමන ක්‍රියාමාර්ගය රජයේ සුරැකුම්පත් වෙළෙඳ පොළ කටයුතු කෙරෙහි අගතිදායක ලෙස බල නොපාන බවට සහතිකවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ඇති බවද දැනුම් දෙයි. තවද, නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමෙහි ගනුදෙනුකරුවන්ගේ සහ ප්‍රතිපාර්ශ්වයන්ගේ හිමිකම්වලට හානි නොවන පරිදි අවශ්‍ය ක්රියාමාර්ගයන්ද නිසි පරිදි ගනු ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.