මුදල් මණ්ඩලය විසින් 2021 නොවැම්බර් 17 වැනි දින පැවති රැස්වීමේදී කේ.ජී.පී.සිරිකුමාර, ඩී කුමාරතුංග, යූඑල්.මුතුගල සහ සී.පී.එස්. බණ්ඩාර යන මහත්ම මහත්මීන් එදින සිට සහකාර අධිපති ධුරයට උසස් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 21කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සිරිකුමාර මහතා, නීති හා අනුකූලතා දෙපාර්තමේන්තුවේ සහ ලේකම් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරමින් සේවය කර ඇත.
කුමාරතුංග මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 30කට අධික කාලයක් සේවය කර ඇති අතර, 2016 වසරේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස පත්කිරීමට පෙර, ආර්ථික පර්යේෂණ, බැංකු අධ්‍යයන කේන්ද්‍රය, තොරතුරු තාක්ෂණ සහ කළමනාකාරීත්ව විගණන යන දෙපාර්තමේන්තුවල විවිධ තනතුරු දරමින් සේවය කළේය.
මුතුගල මහත්මිය මහ බැංකුවේ ලේකම්, මූල්‍ය, බැංකු අධීක්ෂණ, රාජ්‍ය ණය, ජාත්‍යන්තර මෙහෙයුම්, අභ්‍යන්තර විගණන, මූල්‍ය පද්ධති ස්ථායීතා, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය යන දෙපාර්තමේන්තුවල විවිධ තනතුරු දරමින් වසර 30කට වැඩි කාලයක් සේවය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 24කට වැඩි පළපුරුද්දක් ඇති සී.පී.එස්. බණ්ඩාර මහතා මූල්‍ය පද්ධති ස්ථායීතාව, ආර්ථික සහ මිල ස්ථායීතාව, ආයතනික සේවා, නියෝජිත කාර්යයන්, ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්කරණය, ආයතනික අවදානම් කළමනාකරණය සහ උපාය මාර්ගික සැලසුම් යන ක්ෂේත්රවල කටයුතු කර ඇත.