ශ්‍රී ලාංකේය තරුණ්‍යය නව ව්‍යවසායකත්වය සඳහා යොමුකිරීමත්, නව පරපුරේ ව්‍යවසායකයන් හඳුනා ගැනීමත්, ප්‍රවර්ධනය කිරීම හා සංවර්ධනය කිරීමත් අරමුණු කරගනිමින් සංවිධානය කෙරෙන නව ව්‍යාපාර ආරම්භ කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් (Workshop for Business Startups) ජූලි මස 31දා පැවැත්වීමට නියමිතය.
සම්පත් බැංකුව, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා යූලීඩ් ආයතනය එක්ව සංවිධානය කරන මෙම එක්දින වැඩමුළුව, එදින පෙ.ව.8.30 සිට ප.ව.4.30 දක්වා කුරුණෑගල, බ්ලූ ස්කයි හෝටලයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය දැනුම් දෙයි.
මෙම ක්ෂේත්රය පිළිබඳ මනා පලපුරුද්දක් ඇති ප්රවිණ කළමනාකරණ උපදේශක හා ජාත්‍යන්තර පුහුණුකරුවෙකු වන ආචාර්ය ප්‍රේමසිරි ගමගේ මහතා විසින් ප්‍රධාන දේශනය සිදුකරන අතර, වඩාත් ගැළපෙන නිවැරදි වෘත්තිය තෝරාගන්නේ කෙසේද යන්න පිළිබඳ වෘත්තීය මාර්ගෝපදේශන සැසියක්ද මෙහිදී සිදුකෙරෙන බව ඔවුහු පවසති.
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs), මෙරට ආර්ථිකයේ වර්ධනය උදෙසා වඩාත් දායක වන ප්‍රමුඛතම බලවේගය ලෙස පෙන්වා දෙන ඔවුන්, මෙම මහඟු කර්තව්‍යය උදෙසා පාසල් හැරගිය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ අධ්‍යාපනය නිම කළ, උපාධි අපේක්ෂක, තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින හා උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ට ආරාධනා කර සිටියි.
මෙම වැඩමුළුව පිළිබඳ වැඩිවිස්තර හා සහභාගී විමට කැමැත්තක් දක්වන්නන් 011-4741788 යන දුරකථන අංකයෙන් ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකි අතර, මෙහි ලියාපදිංචිය අනිවාර්යය බවත්, මේ වෙනුවෙන් කිසිදු අයකිරීමක් නොකෙරෙන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.