ධීවර ගැටලු සම්බන්ධයෙන් ඉන්දීය රජය සහ තමිල් නාඩු ප්‍රාන්ත රජය විසින් මෑත කාලීනව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. විශේෂයෙන් පෝක් බෝක්ක (Palk Bay) ධීවර කටයුතු වෙනුවට ගැඹුරු මුහුදේ ධීවර කටයුතු හඳුන්වා දීම, නිල් විප්ලවය යෝජනා ක්‍රමය හා යාත්‍රා නවීකරණය, යටිතල පහසුකම් සම්පාදනය, සන්නිවේදන උපකරණ ලබාදීම, පුහුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ විකල්ප ජීවනෝපාය ක්‍රම හඳුන්වාදීම එම ක්‍රියාමාර්ග අතර වෙයි. ඒ අනුව, මෙම කරුණු වැඩිදුරටත් විග්‍රහය මෙසේය.
1.) පෝක් බොක්ක ආශ්රිත ට්‍රෝලින් ධීවර පන්න ක්‍රමය වෙනුවට ගැඹුරු මුහුදේ ධීවර කටයුතු හඳුන්වාදීම.
i. පෝක් බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශය සඳහා බොටම් ට්‍රෝලින් යාත්‍රා අලුතෙන් ලියාපදිංචිය තහනම් කරමින් 2017 මාර්තු 03 වැනි දින නියෝගයක් නිකුත් කිරීම.
ii. නිල් විප්ලවය (Blue Revolution) යෝජනා ක්‍රමය යටතේ බොටම් ට්‍රෝලින් යාත්‍රා කොටස්වලට ගලවා, ඒ වෙනුවට ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරන නව යාත්‍රා යොදාගැනීම සඳහා ඉන්දියානු රජය සහ තමිල් නාඩු ප්‍රාන්ත රජය ඇ.ඩො.මිලියන 56ක් පමණ වෙන්කර ඇත. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් 2017 ජූලි 27 වැනි දින සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් 5 දෙනෙකු සඳහා අවශ්‍ය අරමුදල් ලබාදෙමින් මෙම යෝජනා ක්‍රමය රාමේස්වරම් හිදී ආරම්භ කර තිබුණි. සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා විමසීමෙන් අනතුරුව ධීවර තාක්ෂණය පිළිබඳ මාධ්‍යම ආයතනය සහ කොචින් ෂිප්යාඩ් ලිමිටඩ් විසින් මෙම ධීවර යාත්‍රා සඳහා ආකෘතියක් නිර්මාණය කර ඇත. මෙම යෝජනා ක්‍රමය සඳහා සහභාගී වීමට කැමති බෝට්ටු නිෂ්පාදකයන් සඳහා ගෝලීය වෙළෙඳ දැන්වීමක්ද නිකුත් කර ඇති අතර, මේ සඳහා සමාගම් 59ක් අයැදුම් කර ඇත.
iii. මීට අමතරව දැනට පවතින බොටම් ට්‍රෝලින් යාත්‍රා ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරන යාත්‍රා ලෙස නවීකරණය කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබේ.
2.) ගැඹුරු මුහුදේ ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා යටිතල පහසුකම් සම්පාදනය කිරීම.
තමිල් නාඩුවේ මූකයියුර් සහ කුන්තිකාල් හි නව ධීවර වරායන් දෙකක් ඉදිකෙරෙමින් පවතින අතර, මෙම වරායන් පෝක් බොක්ක ආශ්‍රිතව සිදුකෙරෙන ඉන්දියානු ධීවර කටයුතු ඉන් පිටතට ගෙනයාමට උපකාරී වනු ඇත. මූකයියුර් වරායේ ඉදිකිරීම් 2019 මාර්තු මාසය වනවිට අවසන් කිරීමට අපේක්ෂා කෙරෙයි. රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ කුන්තිකාල් හි මත්ස්‍යයන් ගොඩබෑමේ මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු 2018 ජූනි මාසයේදී ආරම්භ කෙරිණි.
3.) සන්නිවේදන සහ ට්‍රැකින් උපකරණ ලබාදීම
ලෝක බැංකු ආධාර යටතේ ධීවරයන් සඳහා නවීන සන්නිවේදන උපකරණ ලබාදීමේ විශේෂ යෝජනා ක්‍රමයක් මේ වනවිට තමිල් නාඩු ප්‍රාන්ත රජය විසින් ක්‍රියාවට නංවමින් පවතී. සන්නිවේදන කුලුණු ඉදිකිරීමේ කටයුතු 2018 ජූලි මාසය වනවිට අවසන් කිරීමට අපේක්ෂිතය. වොට් 5 හෑන්ඩ්සෙට් 15,000කට අධික සංඛ්‍යාවක් සහ වොට් 25 හෑන්ඩ්සෙට් 2,500ක් ධීවරයන්ට බෙදා දී ඇත.
ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් යෝජනා කරනලද යෝජනා ක්‍රමයක් යටතේ GSAT-6 භාවිත කරමින් ISRO විසින් නිර්මාණය කරනලද සම්ප්‍රේෂණ ප්රතිචාරකයන් (Transponders) ඉන්දීය නාවික හමුදාවේ සහයෝගය ඇතිව තමිල් නාඩු සහ ගුජරාට් ප්රාන්තයන්හිදී අත්හදා බලා තිබුණි. තමිල් නාඩු රජය සම්ප්‍රේෂණ ප්රතිචාරකයන් සවිකිරීම සඳහා ධීවර බෝට්ටු 550ක් හඳුනාගෙන ඇත. තමිල් නාඩු ප්‍රාන්තයේ විවිධ වෙරළබඩ දිස්ත්රිකයන්හි ධීවර බෝට්ටුවල මෙම නවීකරණය කරනලද සම්ප්‍රේෂණ ප්රතිචාරකයන් සවි කෙරෙමින් පවතී.
4.) පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
දිගු දැල් (Long line) සහ කරමල් දැල් භාවිතයෙන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා ධීවරයන් පුහුණු කිරීමේ වැඩසටහන් CIFNET ආයතනයේ සහයෝගය ඇතිව ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත. CIFNET හරහා කොචින් සහ චෙන්නායි හි තෝරාගන්නා ලද ප්‍රතිලාභින් 500 දෙනෙකු (එක් කණ්ඩායමකට 10-15 බැගින්) සඳහා පුහුණුව ලබාදීමට යෝජනා කර තිබේ. මෙම ධීවරයන්ට ගැඹුරු මුහුදේ පුහුණුව ලබාදෙන අතර, ධීවර ක්‍රමවේද පිළිබඳවද පුහුණුව ලබාදෙයි. මේ වනවිට CIFNET ආයතනය ටූනා මසුන් ඇල්ලීම සහ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් කණ්ඩායම් 14ක් (ධීවරයන් 193ක් සහ නිලධාරීන් 4ක්) පුහුණු කර ඇත.
5.) විකල්ප ජීවනෝපාය ක්‍රම හඳුන්වා දීම
ඉන්දීය කෘෂිකර්ම සහ ගොවි සුබසාධන අමාත්‍යවරයා 2018 ජුනි 02 වැනි දින රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ රාමේස්වරම් හිදී පෝක් බොක්කේ ධීවර කටයුතු සිදුකරන ට්‍රෝලින් යාත්‍රා වෙනුවට ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකිරීම සඳහා වන යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකර තිබේ. මෙම සමාලෝචනයේදී ජලජ ජීවි වගා ක්ෂේත්රයේ විකල්ප ජීවනෝපායන් ප්‍රවර්ධනය කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.
තූත්තුකුඩි දිස්ත්‍රික්කයේ දකුණු ප්‍රදේශයේ රාමනාදපුරම් (මන්නාරම් බොක්කට ඔබ්බෙන්) හි පුදුකොට්ටායි සිට කන්‍යාකුමාරි දක්වා දිවෙන සන්සුන් මුහුදු ප්‍රදේශයක් සහ නිවර්තන කාලගුණයක් සහිත ප්‍රාන්තයක් වන තමිල් නාඩුව මුහුදු පැළෑටි වගාව සඳහා ඉතා සුදුසු වේ. මුහුදු පැළෑටි වගාව විශේෂයෙන්ම තමිල් නාඩුවේ පෝක් බොක්ක ආශ්රිත කලාපයේ ජීවත් වන වෙරළබඩ ජනතාවට මනා ජීවනෝපාය මාර්ගයක් වී ඇත. අමතර ආදායමක් ලබාදෙන විකල්ප ජීවනෝපාය මාර්ගයක් වශයෙන් තමිල් නාඩුව තුළ විවිධ ස්වයං උපකාර කණ්ඩායම් සහ ග්‍රාමීය තරුණ කණ්ඩායම් මුහුදු පැළෑටි වගාව සිදුකරයි.
ජලජ ජීවි වගා ක්ෂේත්රය පිළිබඳ පර්යේෂණ කටයුතු සිදුකරන පුරෝගාමී ආයතනය වන මධ්‍යම සමුද්‍රීය ධීවර පර්යේෂණ ආයතනය සුදුසු වගා ක්‍රමවේද හඳුන්වා දෙනු ලබයි. කිවුල් ජලජ කටයුතු සම්බන්ධයෙන් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදුකරන ප්‍රධානතම ආයතනය වන්නේ කිවුල් ජලජ කටයුතු සඳහා වන මධ්‍යම ආයතනයයි. ඔවුන් ඉන්දියාව තුළ වාණිජමය වශයෙන් වැදගත් ඇතැම් මුහුදු පැළෑටි විශේෂ සඳහා වගා ක්‍රමවේදයන්ද හඳුන්වා දී තිබේ.
මුදිල්ලා, මෝදා සහ පොකිරිස්සා වැනි මත්ස්‍යයන් වගා කිරීම ධීවර ප්‍රජාව සඳහා තිරසාර ආදායමක් සහතික කෙරෙන ජල ජීවි වගා ක්ෂේත්රයේම තවත් අංශයකි. මුදිල්ලා සහ මෝදා මත්ස්‍යයන් වගා කිරීම වෙනුවෙන් වූ නියමු ව්‍යාපෘතියක් සඳහා කාංචිපුරම්, රාමනාදපුරම්, කන්‍යාකුමාරි, පුදුකොට්ටායි සහ තූත්තිකුඩි දිස්ත්‍රික්කයන්හි ධීවර කණ්ඩායම් සහභාගි විය. මෙම ව්‍යාපෘතිය සාර්ථක වූ අතර එය වෙනත් වෙරළබඩ දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇත.
පෝක් බොක්කේ මුහුදු පැළෑටි වගා කිරීම වැනි විකල්ප ජීවනෝපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය දැනටමත් විශාල මුදලක් වෙන්කර ඇත.