දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඕනෑම ක්‍රියාවලියකදී මහජනතාවගේ තැන්පතු සහ බැංකු පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළකර සිටියේ පසුගිය 09දා පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නන්දලාල් වීරසිංහ මහතා,
"මහජන තැන්පතුවල ආරක්ෂාව සහ බැංකු පද්ධතියේ ස්ථායීතාව පිළිබඳව විවිධ අනුමානයන් පවතිනවා. නමුත්, ඕනෑම ආකාරයක ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී, අපි බැංකු පද්ධතියේ ස්ථායීතාව මෙන්ම මහජන තැන්පතු ආරක්ෂා කිරීම සහතික කර සිටිනවා." යැයි පවසා සිටියේය.
මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් වන්නේ මූල්‍ය අංශයේ ස්ථායීතාව පවත්වා ගැනීම බවද අධිපතිවරයා අවධාරණය කළේය.