ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සිය කැපවීම යළි තහවුරු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම පවසයි.
පීටර් බෘවර් සහ මසහිරෝ නොසාකි යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත කණ්ඩායමක් 2022 ජූනි 20දා සිට 30දා දක්වා කොළඹට පැමිණ ශ්‍රී ලංකාව සඳහා IMF සහය සහ බලධාරීන්ගේ විස්තීරණ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කළ අතර එම සාකච්ඡා අවසානයේදී ඊයේ (30දා) නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සිය කැපවීම යළි තහවුරු කරන බව පවසන ඔවුන්, සාර්ව ආර්ථික සහ ව්‍යුහාත්මක ප්‍රතිපත්ති පැකේජයක් නිර්වචනය කිරීමේදී කාර්ය මණ්ඩල කණ්ඩායම සහ බලධාරීන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවද කියයි.
නුදුරු කාලීනව IMF විස්තීරණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමේ අරමුණින් සාකච්ඡා දිගටම පවතින ඇති අතර, රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් මූල්‍ය සහතික අවශ්‍ය බවද පෙන්වා දෙයි.
එමෙන්ම, ආදායම් අඩු මට්ටමක පවතින බැවින්, මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දිගුකාලීන බදු ප්‍රතිසංස්කරණ වහා අවශ්‍ය බවත්, ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය අනෙකුත් අභියෝග අතරට උද්ධමනය ඉහළයාම පාලනය, දැඩි ගෙවුම් ශේෂ පීඩනය ආමන්ත්‍රණය, දූෂණ අවදානම් අවම කිරීම සහ වර්ධනය ඉහළ නංවන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම ඇතුළත් බවද IMF නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.