රේගු ආඥාපනත සහ ආනයන අපනයන පාලන පනත උල්ලංඝණය කරමින් දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 607.5ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන්ම මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ දඩ මුදල ලෙස රු.මිලියන 160ක මුදලක් බැර කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් රේගු නඩු අංක PCAD/2023/0001/CCR/0006 යටතේ නඩු පැවරිණි. එහි තීන්දුව ප්‍රකාරව අදාළ දඩ මුදල නියමිත පරිදි ගෙවා දැමීමට සමාගම කටයුතු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ආනයනය සීමාකර ඇති දුඹුරු සිනී, සුදු සීනි බව පවසමින් ආනයනය කර තිබියදී ඉකුත් ජනවාරි මාස 09දා රේගු නිලධාරීන් විසින් සොයා ගැනිණි.