ඛනිජ තෙල් අපනයන රටවල සංවිධානය (ඔපෙක්) සහ රුසියාව මැයි සහ ජුනි මාස සඳහා දිනකට බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 10කින් අඩු කිරීමට තාවකාලික ගිවිසුමකට එළැඹ ඇති බව වාර්තා වෙයි.
මෙම එකඟතාව යටතේ ජූලි සිට දෙසැම්බර් දක්වා දිනකට බැරල් මිලියන 8ක් දක්වා අඩුවනු ඇති අතර, 2021 ජනවාරි සිට 2022 අප්‍රේල් දක්වා දිනකට බැරල් මිලියන 6ක් දක්වා අඩුවනු ඇත.
කෙසේ වෙතත්, ඔපෙක් නොවන සාමාජික මෙක්සිකෝව, ගිවිසුමේ කාලය සම්බන්ධයෙන් යම් ප්‍රශ්න කිරීමක් සිදුකර ඇති බවද දැනගන්නට තිබේ.
ඉරානය, ලිබියාව සහ වෙනිසියුලාව සම්බාධක හෝ නිෂ්පාදන අහිමිවීම හේතුවෙන් නිෂ්පාදන කප්පාදුවලින් නිදහස් වනු ඇත.
මේ අතර ඔපෙක් සංවිධානයේ නිෂ්පාදකයින් 23 දෙනා දිනකට බැරල් මිලියන 15කින් පමණ බොරතෙල් නිෂ්පාදනය අඩුකරනු ඇතැයි අපේක්ෂා කරමින් බොරතෙල් මිලේ සුළු වර්ධනයක්ද දක්නට ලැබුණි.
ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප්ද පසුගිය සතියේදී සෞදි අරාබියෙන් සහ රුසියාවෙන් ඉල්ලා සිටියේ නිෂ්පාදන කප්පාදු කරන ලෙසය.
එමෙන්ම ස්ථාවර බලශක්ති වෙළෙඳ පොළවල් සහතික කිරීම සහ ශක්තිමත් ගෝලීය ආර්ථිකයක් ඇති කිරීම සඳහා ගෝලීය සංවාද හා සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා G20 බලශක්ති අමාත්‍යවරුන් රැස්වීමටද නියමිතව තිබේ.